හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 240ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (26) රාගම පොලිස් වසමේ වල්පොල දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන වල්පොල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)