විදේශ රටක නිෂ්පාදිත රිවෝලවරයක්, ජීව පතරොම් 09ක්, ටී 56 වර්ගයේ ජීව පතරොම් 49ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පානදුර, කුරුප්පුමුල්ල ප්‍රදේශයේදීයි.
පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිවසක සිදු කළ පරීක්ෂා කිරීමකදී මෙම ගිනිඅවිය සහ පතොරම් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 280ක් හා මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා භාවිතා කළ විද්‍යුත් තරාදියක් ද සොයා ගත් බවයි.
වයස අවුරුදු 39ක් වන කුරුප්පුමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
