22 December 2024


සිරියානු ජනාධිපති රටින් පළායයි



සිරියානු කැරලිකරුවන් එරට ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැරලිකරුවන් ඊයේ (07) ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හොම්ස් නගරයද සිය පාලනයට නතු කරගත් බවයි.

අගනුවරට තදාසන්න පෙදෙස් රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති අතර සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 54ක් පුරා සිරියාවේ පැවති කෘෘර අසාද් පාලනය මේ වන විට බිඳ වැටී ඇති බවයි.

(colombotimes.lk)