colombotimes.lk
සිංහල | English

30 June 2024

T20 WC 2024 - 2nd Semi Final |වර්ෂාව එංගලන්තයේ සිහින බොඳ කරයිද?



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2වන අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර අද (27) රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තිබුණා.

නමුත් මේ වන විට තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ පවතින පිනි සහිත ස්භාවය හේතුවෙන් තරගය ප්‍රමාද වන බව වාර්තා වනවා.

අද උදෑසන පැවති පළමු අවසන් පූර්ව තරගයට අතිරේක දිනයක් ලබා දුන්නද මෙම තරගයට අතිරේක දිනයක් හිමි නොවෙයි.

කෙසේ වෙතත් තරගයට අමතර විනාඩි 240ක කාලයක් ලබා දීමට ICCය කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)