12 May 2025


T20 WC 2024 | ඇෆ්ගනිස්ථානය හඬවමින් අප්‍රිකාව අවසන් මහා තරගයට



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට දකුණු අප්‍රිකා කණ්ඩායම අද (27) සමත්වුණා.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව අද පැවති පළමු අවසන් පූර්ව තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 56ක් පමණයි.

ඒ අනුව ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 8යි පන්දු 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයගත්තා.

දකුණු අප්‍රිකා කණ්ඩායම T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.

ඒ 'Colombo Times මැණික' තරගය හරහා.

තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos

(colombotimes.lk)