2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය අද (24) පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරගයක් වන මෙය මෙම කණ්ඩායම් 2ට මෙන්ම ඇෆ්ගනිස්ථානයටද ඉතාම තීරණාත්මකයි.
ඒ මෙම තරගය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළහොත් ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හෙට (25) බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.
එමෙන්ම මෙම තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් පළමු කාණ්ඩයෙන් ඉහළ දළ ලකුණු වේගයක් සහිත කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වනවා.
(colombotimes.lk)
මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.
ඒ 'Colombo Times මැණික' තරගය හරහා.
තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.
Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos