06 April 2025


රක්ෂිතයකින් T56 ගිනි අවියක් මතුවෙයි



මාතලේ පොලිස් වසමේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් ගැබ් 02ක් ඊයේ (29) සොයාගෙන තිබෙනවා.

ඒ මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අදාළ T56 ගිනි අවිය එම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

(colombotimes.lk)