13 June 2026

logo

TVS Dream Ride Fiesta දැවැන්ත සැණකෙළිය මෙවර කල්මුනේට



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යතුරුපැදි සන්නාමයක් වන TVS Lanka සමාගම සංවිධානය කරන 'TVS Dream Ride Fiesta' සේවා සහ ප්‍රවර්ධන සැණකෙළිය මේ වන විට කල්මුනේ නගරයේදී පැවැත්වෙනවා.

එය මැයි මස 20වනදා ආරම්භ වූ අතර හෙට (23) දවස වන තෙක් කල්මුනේ පෞද්ගලික බස් නැවතුම්පොළ අසල පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම සේවා සැණකෙළිය පෙ.ව. 10.00 සිට ආරම්භ වන අතර කල්මුනේ සහ අවට ප්‍රදේශවල වෙසෙන යතුරුපැදි ලෝලීන්ට සහ TVS පාරිභෝගිකයන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි වනවා.

මෙමඟින් පාරිභෝගිකයන්ට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයන් පහතින්, 

නව TVS යතුරුපැදි මිලදී ගැනීමේදී සුවිශේෂී මිල වට්ටම් රැසක්

ඕනෑම අයෙකුට පහසුවෙන් යතුරුපැදියක් හිමිකරගත හැකි පරිදි සකස් කළ සුවිශේෂී ලීසිං සහ ගෙවීමේ ක්‍රමවේද

TVS Lanka ආයතනයේ ප්‍රවීණ සහ පුහුණු තාක්ෂණික ශිල්පීන්ගෙන් යතුරුපැදි නඩත්තුව පිළිබඳ වටිනා උපදෙස්

යතුරුපැදි පරික්ෂාව සහ සේවා සැපයීමේ විශේෂ අවස්ථා.

(colombotimes.lk)