colombotimes.lk
සිංහල | English

07 May 2024

දෙමළ සන්ධානය 13 ගැන ටිරාන් සමඟ කතා කරයි



13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවති එම සාකච්ඡාවේ දී විශේෂයෙන් පොලිස් බලතල සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව සඳහන්. 
 
මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි දියුණු රටවල්වල පවා බලය බෙදීම ඉතා විශිෂ්ට අයුරින් සිදුවූ බව එහි දී දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා. 
 
ඒ අනුව එම ක්‍රමවේදයන් මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව ද ඔවුන් එහිදී සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
කෙසේවෙතත් එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජීය සංස්කෘතීන් සම්පූර්ණයෙන්ම වෙනස් බවයි එහි දී ටිරාන් අලස් අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.
(colombotimes.lk)