colombotimes.lk
සිංහල | English

27 April 2024

LPL 2023 | ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දු වෙයි



2023 LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වැනිදා කොළඹ, Shangri-La හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG ආයතනය ඒ සඳහා සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළා. 
 
සිව්වැනි LPL තරගාවලිය ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත් වෙනවා. 
 
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ වලදී. 
 
මෙවර තරගාවලිය සඳහා සුපුරුදු පරිදි කණ්ඩායම් 5ක් (Colombo Strikers, Dambulla Aura, Galle Gladiators,Jaffna Kings සහ Kandy Falcons) එක් වනවා. 
(colombotimes.lk)