29 April 2025


තැපැල් ඡන්ද විමසීමේ අවසන් දිනය අදයි



පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් (29) අවසන් වනවා.

ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ හැකියි.

මැතිවරණ කොමිසමේ සභාපති  ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ මේ වන තෙක් තැපැල් ඡන්දය සළකුණු නොකළ රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල අයදුම්කරුවන්ට අද ඒ සඳහා යළි අවස්ථාව පවතින බවයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන් වනවා.

තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී සත්කුමාර සඳහන් කළේ අද දිනයේදිත් නිළ ඡන්ද දැන්විම් පත්‍රිකා නොලැබෙන ඡන්දදායකයන්ට ළඟම ඇති තැපැල් කාර්යාලයට ගොස් එය ලබා ගත හැකි බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06වනදා පැවැත්වෙනවා.

(colombotimes.lk)