colombotimes.lk
සිංහල | English

25 April 2024

අදත් IPL අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා වුණොත් මොකද වෙන්නේ ?



ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් අද (29) දිනය දක්වා කල් තබුණා.

ඒ අනුව අවසන් මහා තරගය අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

නමුත් අද දිනයේදීත් වර්ෂාව හේතුවෙන් බාධා මතුවීමේ අවදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නමුත් අද රාත්‍රී 9.35 දක්වා වර්ෂාවෙන් බාධාවක් නොවුණහොත් දෙපිළටම පන්දුවාර 20 බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන බව සඳහන්.

එහෙත් වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම රාත්‍රී 9.35 පසුවුවහොත් ජය පැරදුම තීරණය කිරීම සඳහා පන්දුවාර 5 බැගින් දෙපිලටම ලබා දී තරගය පැවැත්වෙනු ඇති.

එසේත් නොමැති නම් තවත් දිනයකදී සුපිරි ඕවර තරගයක් පැවැත්වීම සිදු කෙරෙනවා.

ඒ සඳහාද හෙට (30) අලුයම 1.20 වනවිට ක්‍රීඩාංගණය තරගය පැවැත්වීම සඳහා සූදානම් කර තිබිය යුතුයි.

මේ අවස්ථා 3ම සිදුකිරීමට නොහැකි වුවහොත්, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින කණ්ඩායමට IPL ශූරතාවය හිමිවනු ඇති.

ඒ අනුව ගුජරාට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ චෙන්නායි කණ්ඩායම අභිබවා ප්‍රථම ස්ථානයේ රැඳී සිටීම විශේෂත්වයක්.
(colombotimes.lk)