පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් අද (01) උදෑසන වල්පොළ ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වුණා.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
නමුත් මේ වන විට එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)