18 May 2026

logo

දියේ ගිලී සිදු වූ මරණ ගණන ඉහළට



ගත වූ පැය 24 තුළදී සිදු වූ දියේ ගිලීම් අනතුරුවලින් පුද්ගලයන් 05දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ කැකිරාව සහ තෙල්දෙණිය යන ප්‍රදේශවලින් මෙම අනතුරු වාර්තා වූ බවයි. 

එමෙන්ම කැකිරාව සමගිගම ප්‍රදේශයේදී අතහැර දමා තිබූ ගල්වලක දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ 39 හැවිරිදි සහ 41 හැවිරිදි වියේ පසුවන හපුතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස මිය ගොස් තිබෙන බවයි. 

මේ අතර තෙල්දෙණිය, වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන්ව සිටි අනෙක් තරුණයාගේ මළ සිරුර ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. 

(colombotimes.lk)