සහල් ආනයනයට ලබාදුන් කාලය අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
වෙළෙඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම කාලයෙන් අනතුරුව දිවයිනට ළඟා වන සහල් තොග හරවා යවන බවයි.
මේ වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 25,000කට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් දිවයිනට ආනයනය කළ සහල් තොගයේ බර මෙට්‍රික් ටොන් 5000ක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)