මාර්ග අංක 187 යටතේ ධාවනය වන කොටුව - කටුනායක සුඛෝපභෝගී බස් රථවලට අද (10) සිට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින්.
තවද ගුවන් මගීන්ගේ පහසුව සලකා බලා මෙම තීරණය ගෙන තිබෙනවා.
එමෙන්ම 2019 පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් නතර කර තිබූ එම සේවාව කොටුව - කටුනායක බස් රථවලට අද නැවත හිමිවන්නේ වසර 6කට ආසන්න කාලයකට පසුවයි.
(colombotimes.lk)