10 January 2025


තරුණයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වෙයි



ආහාර බඳුනක ඇති ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙනයාමේ චෝදනාවට වරදකරු වූ 26 හැවිරිදි තරුණයෙක්ට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

2019 වසරේ දෙසැම්බර් මස 04 වනදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිත්‍රයෙක්ට ආහාර රැගෙන ගිය භාජනයේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25.09ක් සඟවා බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න තීන්දු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)