හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යට වී තිබෙනවා.
ඒ මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන්.
මේ හේතුවෙන් එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු කරා යොමු කිරීමට පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක දිනේෂ් කොග්ගල සඳහන් කළා.
එමෙන්ම ඊයේ (21) රාත්‍රියේ සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂා තත්ත්වය හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයයෙන් යට වී තිබෙන අතර ඇතැම් මාර්ගවලට ගස් කඩා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
