colombotimes.lk
සිංහල | English

04 May 2024

''Tik-Tok'' ගැන ඇමරිකාවෙන් තීරණයක් ගනියි



''Tik-Tok'' සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ඇමරිකා එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ පනතට අනුව ''Tik-Tok'' මව් සමාගමේ ඇමරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබාදීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එසේ ඉවත් කරගත නොගතහොත් අමෙරිකාව තුළ ''Tik-Tok'' යෙදුම අවහිර වන බවයි.
(colombotimes.lk)