ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්ම විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතව බවයි.
එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට උපදෙස් දී තිබෙනවා.
(colombotimes.lk)