30 April 2025


මැතිවරණ පිළිබඳ හැදෑරීම් පාසල් විෂය නිර්දේශයට



පාසල් විෂය නිර්දේශයට මැතිවරණ පිළිබඳ හැදෑරීම් එක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (29) ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය හා මැතිවරණ කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයේදීයි.

8 ශ්‍රේණියේ පාසල් විෂය මාලාවට එබඳු හැදෑරීම් එක් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා සිදු කරන බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට දේශපාලන සාක්ෂරතාව පිළිබඳ අවම මට්ටමක සිටීම හේතුවෙන් විධිමත් අධ්‍යාපනය තුළ ඒ පිළිබඳ දැනුම ලබාදීම අනිවාර්ය බවයි.

(colombotimes.lk)