ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් පළ කළ ඉලක්කම් නිවැරදි නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවට එක්වෙමින්.
මාස තුනහමාරකට ප්‍රමාණවත් පරිදි පසුගිය 12වනදා මෙරටට ඉන්සියුලින් ගෙන්වා ඇති බවත් ලබන සති 2ක කාලය තුළදී තවත් මාස 2කට ප්‍රමාණවත් ඉන්සියුලින් මෙරටට ආනයනය කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පෙර පැවැති ආණ්ඩු ඖෂධ ආනයනයේදී මතුකරගත් ගැටලු සඳහා රජය විසඳුම් ලබාදෙමින් සිටින බවයි.
(colombotimes.lk)