01 April 2025


සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ 6 ඉක්මවයි



මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මාර්තු 26වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාලය තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 684,960ක් බවයි.

මාර්තු පළමුවනදා සිට 26වනදා දක්වා කාලය තුළ පමණක් විදෙස් සංචාරකයන් 191,982ක් දිවයිනට පැමිණ ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)