23 January 2025


වසරේ පළමු දින 19 තුළ සංචාරකයන් 153,761ක් දිවයිනට



මේ වසරේ පළමු දින 19 තුළ සංචාරකයන් 153,761ක් මෙරටට පැමිණ ඇති බව  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ පළමු සති දෙක තුළ 50,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ තිබෙන්නේ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය, යන රටවල්වලින් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)