29 December 2025

logo

දුම්රිය අනතුරක් - 13දෙනෙක් ජීවිතක්ෂයට



දකුණු මෙක්සිකෝවේ මගී දුම්රියක් පීලි පැනීමකින් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අවම වශයෙන් පුද්ගලයන් 13දෙනෙක් මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙන බවයි. 

ඔක්සාකා ප්‍රාන්තයේ ටෙහුආන්ටෙපෙක් දුම්රිය මාර්ගයේ ඉසෙඩ් රේඛාවේදී මෙම පීලි පැනීම සිදු වී තිබෙනවා.

එම අනතුර සිදු වන අවස්ථාවේදී දුම්රියේ මගීන් 250ක් පමණ සිට තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම අනතුරින් පුද්ගලයන් 13දෙනෙක් මිය ගොස් තවත් 98දෙනෙක් පමණ තුවාල ලැබූ අතර ඉන් 36දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. 
   


(colombotimes.lk)