ගිනි ගැනීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
ඒ, හබරණ සහ ගල්ඔය අතර සිදුවූ ගිනි ගැනීම් හේතුවෙන්.
ඒ හේතුවෙන් පීලි කිහිපයක් ද ගිනි ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගිනි ගැනීමට ලක්වූ පීලි ඉවත් කර අලුතින් පීලි එක් කළ බවත් ගිනි ගැනීම්වලදී අවස්ථාවෝචිතව සුදුසු පියවර ගන්නැයි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
මීට අමතරව උඩරට දුම්රිය මාර්ගය ආසන්නයේ ද ගිනි ගැනීම් වාර්තා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
(colombotimes.lk)