පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට වසන් කළ බවට චෝදනා ලබා සිටින දෙමටගොඩ ,මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූලි මස 02වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ මෙම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී නඩුවේ දෙවන සාක්ෂිකාරිය වශයෙන් නම්කර තිබූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ නිවසේ මෙහෙකාරිය වශයෙන් සේවය කළ තැනැත්තිය විදේශගත වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම අධිකරණ හමුවේ කියා සිටියේ තවත් සාක්ෂිකාරියක විදේශගත වීමේ අවධානමක් පවතින බවයි.
ඒ අනුව අදාළ සාක්ෂිකාරිය වෙත යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා මෙම තැනැත්තිය විදේශගතවීමට අදාළ වාර්තා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් කැඳවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.
(colombotimes.lk)