ඉරානයට එරෙහිව අද (07) 'ඉතා දරුණු ප්‍රහාර' එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා.
ඒ සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින්.
ඉරානය තම මැද පෙරදිග අසල්වැසි රටවල් හමුවේ 'යටත් වී' සමාව අයැද ඇති බවත්, තවදුරටත් එම රටවලට ප්‍රහාර එල්ල නොකරන බවට පොරොන්දු වී ඇති බව තම ප්‍රකාශයේදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ඉරානය මෙම තීරණයට පැමිණි බවයි.
ඉරානයට එරෙහිව අදාළ රටවලින් ප්‍රහාර එල්ල නොවන තුරු අසල්වැසි රටවල්වලට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලය තීරණය කර ඇති බව මීට පෙර ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කළා. 
(colombotimes.lk)
