ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටියේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින අතර දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට, ඊශ්‍රායල හමුදාව ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවයි.
ඇමරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාරදී ඇති බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ද ඇතුළත් වන බවයි.
නමුත් එවැනි ලියවිල්ලක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
ඇමරිකාව සහ ඊශ්‍රායලය සඳහන් කළේ යුද්ධය ආරම්භ වූ දා සිට ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ස්ථාන 82,000කට හානි සිදු වී ඇති බවයි.
(colombotimes.lk)
