මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42ක් හා 44ක් වන වැල්ලම්පිටිය හා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවන් සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයේදී පුත්තලම පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමටද ඔවුන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බවයි.
එමෙන්ම ඔවුන් සොරකම් කරන ලද රන් මුදු 12ක් සහ මීගමුවේ රන් භාණ්ඩ සොරකමට පැමිණි යතුරුපැදියද සොයාගත් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
