18 March 2025


තැපෑලේ දවස් දෙකේ වර්ජනයෙන් මිලියන ගණනක පාඩුවක්



තැපැල් කාර්යාලවල සේවකයන් රාජකාරී වලින් ඉවත්ව සිටීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීමට පැමිණි මහජනතාව අපහසුතාවන්ට මුහුණ දී තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ තැපැල් සේවකයන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් මෙම වැඩ වර්ජනයට සහාය පළ කළ බවයි.

දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල ඊයේ (17) ලිපි බෙදීම ඇනහිට තිබෙනවා.

එමෙන්ම තැපැල් ප්‍රවාහන කටයුතු මුළු මනින්ම අඩාල වී තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 50ක පාඩුවක් සිදු වී තිබෙන බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදත් (18) වැඩවර්ජනය ක්‍රියාත්මක වුවහොත් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 100ක පාඩුවක් සිදු වන බවයි.

(colombotimes.lk)