29 December 2025

logo

හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි - එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ හැමන්ටන් නගරයේ පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානා 02ක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත්  පුද්ගලයෙක් බරපතල තුවාල ලබා තිබෙන බවයි.

මෙම අනතුර ඊයේ (28) පෙරවරු 11.25ට පමණ සිදු වී තිබෙනවා.

එලෙස හෙලිකොප්ටර් යානා ද්විත්වය එකිනෙකට ගැටීමෙන් පසු එක් හෙලිකොප්ටරයක් ගිනිගෙන පොළවට පතිත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සඳහන් කළේ එලෙස හෙලිකොප්ටර් යානා ද්විත්වය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි ගුවන් නියමුවන් පමණක් එහි සිට තිබෙන බවයි.


(colombotimes.lk)