13 June 2026

logo

තෙල් නැව් දෙකක් ගිනිබත් වෙයි



ඉරාකයේ අල්-ෆවු වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේදී විදේශීය තෙල් නැව් 02ක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ නැව්වල සිටි සේවකයන් 25දෙනෙක් ඉවත් කිරීමට බලධාරීන් සමත් වී තිබෙන බවයි.

නමුත් එක් සේවකයෙක් මියගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ගිනි නිවන කණ්ඩායම් තවදුරටත් ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවයි. 

මෙම ප්‍රහාරය සඳහා ඉරානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය රැගත් කුඩා බෝට්ටු යොදාගෙන ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

(colombotimes.lk)