30 March 2025


රබර් කිරි බවුසරයක් පෙරළී දෙදෙනෙක් ජීවිතක්ෂයට



බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී ගොස් තිබෙනවා.

එම අනතුරින් එහි සිටි පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා කලවාන රෝහළට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ මෙම අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවක සේවය කරන බුලත්සිංහල සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේදී රියදුරුට බවුසර් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදු වූ බවට සැක පළ කරන බව කලවාන පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)