පොලීසිය විසින් Clean Sri Lanka වැඩසටහනට සමගාමීව රථවාහන තදබදය සහ අනතුරු අවම කිරීම සඳහා තවත් විශේෂ ව්‍යපෘති දෙකක් ආරම්භ කර තිබෙනවා.
එහි පළමු ව්‍යාපෘතිය ලෙස රථ වාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණවල විදුලි බුබුළු, ඝෝෂාකාරී නලා, අධික ශබ්ද සහිත සයිලන්සර් සහ අන්ත්‍රාදායක ලෙස විවිධ අමතර කොටස් සවිකර ඇති වාහන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.
එමෙන්ම දෙවන මෙහෙයුම ලෙස උපායදූතයන් යොදවා පොදු ප්‍රවාහන බස් රථ රියදුරන් සිදු කරන වැරදි අනාවරණය කර නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (04) සිට එළඹෙන 19වනදා දක්වා මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.
ඒ අතර කාලසීමාව තුළදී රථ වාහනවල ඇති අනවශ්‍ය අමතර කොටස් ඉවත් කිරීම සඳහා රියදුරන් හට උපදෙස් දෙන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(colombotimes.lk)