පොල් ඉඩමක පිහිටි නිවසක් තුළ තිබී දිවි හමක්, විදේශීය රටක නිෂ්පාදිත බලපත්‍ර රහිත බෝර 12 ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත බලපත්‍ර රහිත බොර 12 ගිනිඅවියක් සහ ජීව පතුරම් 05ක් සහ හිස් පතරොම් කොපු 04ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වනාතවිල්ලුව - කාටුපුලියන්කුලම ප්‍රදේශයේදී වනජීවී දෙපාර්තමේන්තුවේ වනාතවිල්ලුව උප කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවන් දෙදෙනා පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)
