26 December 2025

logo

ඇමරිකාවෙන් නයිජීරියාවේ IS ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර



නයිජීරියාවේ රැදී සිටින IS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කරගනිමින් ඇමරිකානු හමුදාව ප්‍රහාර දියත් කර තිබෙනවා. 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ සිය නායකත්වය යටතේ රැඩිකල් ආගමික අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් වලට නැගී සිටීමට ඇමරිකාව ඉඩ නොදෙන බවයි. 

IS ත්‍රස්ත සංවිධානය නයිජීරියාවේ ජීවත් වන කිතුණු භක්තිකයන් ඝාතනය කිරීමට එරෙහිව ඇමරිකානු හමුදා ප්‍රහාර දියත් කර තිබෙනවා. 

ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නයිජීරියානු රජය ඇමරිකානු හමුදාවලට ලබාදුන් සහයෝගයට සිය කෘතඥතාවය පළකරන බවයි.

(colombotimes.lk)