පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක නිරත වනවා.
ඒ මාතලේ-ඇල්කඩුව වතු සේවක නිවසක් කඩා දැමූ සිද්ධියට අදාල වතු අධිකාරීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.
පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාව පැවැත්වීම හේතුවෙන් සභාවේ කටයුතු පාලනය කරගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.
රෝහිණී කුමාරි විජේරත්න,වඩිවෙල් සුරේෂ්, එස් රාධක්‍රිෂ්ණන්,මනෝ ගනේෂන්, එස්.වේළු කුමාර්,කින්ස් නෙල්සන්,චමින්ද විජේසිරි,කාවින්ද ජයවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම විරෝධතාවයට සම්බන්ධ වුණා.
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුකරයේ රත්වත්තේ වතුයායේ දිළිඳු පවුලකට වතු සහකාර කළමනාකාරවරයා විසින් සිදු කරනු ලබන අකටයුතුකම් පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය තොණ්ඩමන් මහතා ද ඊයේ දිනයේ එම ප්‍රදේශයට ගියා.