30 June 2025

logo

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ට දැනුම්දීමක්



5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බවයි.

අද සිට පෙබරවාරි 06වනදා දක්වා ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියා.

 
(colombotimes.lk)