කෙසෙල්වත්ත පොලිස් වසමේ ඩයස් පෙදෙසේදී ඊයේ (25) රාත්‍රීයේ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි.
එහිදී එක් සැකකරුවෙක් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 200ක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 147යි මිලිග්‍රෑම් 760ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 490ක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49 සහ 50 වයස්වල පසුවන කෙසෙල්වත්ත හා ගුණසිංහපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
(colombotimes.lk)