27 January 2025


ඇමරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරය පීටර් හෙග්සෙත්ට



හිටපු fox news නිවේදකයෙක් වන පීටර් හෙග්සෙත් ඇමරිකාවේ නව ආරක්ෂක ලේකම් ධූරයට පත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු පත් කිරීම වෙනුවෙන් පැවැත් වූ සෙනට් සභා ඡන්ද විමසීමේදී හෙග්සෙත්ට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්ද 50 බැගින් හිමි වූ බවයි.

එම අවස්ථාවේදී ඇමරිකානු උප ජනාධිපති ජේ. ඩී. වෑන්ග්ස් විසින් හෙග්සෙත්ට පක්ෂව ප්‍රකාශ කළ ඡන්දය හේතුවෙන් ඔහු එම ධූරයට පත් වූ බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.  

පීටර් හෙග්සෙත් ඇමරිකාවේ හිටපු ආරක්ෂක හමුදා සාමාජිකයෙක්ද වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)