රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ පසුගියදා ඔහුව බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසළදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්.
අනතුරුව ඔහුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් පැය 4ක පමණ කාලයක් ප්රශ්න කිරීමෙන් පසු කොළඹ අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනි හමුවට ඉදිරිපත් කළා.
එහිදී මහේස්ත්රාත්වරිය නියෝග කළේ අද දිනය දක්වා ඔහුව බන්ධනාගාරගත කිරීමටයි.
(colombotimes.lk)