ඊශ්‍රායල - හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන සිරකරු හුවමාරුව අද (25) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
හමස් සංවිධානය භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 04 දෙනෙක් වෙනුවෙන් පලස්තීනුවන් 180 දෙනෙක් නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙක්ගේ නම් හමාස් සංවිධානය විසින් මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් 03 දෙනෙක් සහ සිරකරුවන් 90 දෙනෙක් නිදහස් කර ඇති බවයි.
(colombotimes.lk)