29 April 2025


වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි



දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ දන්සල පවත්වන ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කළ යුතු බවයි.

ඒ අනුව මැයි මස 09වනදාට පෙර දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)