හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාට අනිද්දා (20) වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ එකලස් කරන ලද බවට සැකකෙරෙන ට්‍රක් රථයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළවයි.
එම ට්‍රක් රථය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් පසුගිය මාසයේ හපුතලේ ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයා පසුගිය 14වනදා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)