08 May 2025


ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්



මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අද (08) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බවයි.
 
එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස  ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

(colombotimes.lk)