මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද (11) රාත්‍රී 7.00 සිට හෙට (12) පෙරවරු 7.00 දක්වා පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනල විතැන් කිරීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇල්දෙණිය, ගෝනහේන, වෑබඩ, සූරියපාලුව සහ උඩුපිල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.
එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, පරකන්දෙණිය, කොස්සින්න, ඇබරළුව, ඉඹුල්ගොඩ සහ යාගොඩ ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි.
(colombotimes.lk)
