colombotimes.lk
සිංහල | English

20 May 2024

Waters Edge ඉඩම් කොටස් දෙකක් බදු දෙයි



බත්තරමුල්ල Waters Edge පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් බදු දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ කොළඹ 10 අශෝක විද්‍යාලය වෙත මෙම ඉඩම් බදු දීමට නියමිතයි.

එම භූමියේ පිහිටි රූඩ් 2 පර්චස් 30.89ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු පැදීම සහ දිවි ගලවා ගැනීමේ කඳවුරු පුහුණු කිරීම සඳහා ලබා දී ඇති බව සඳහන් වනවා.

එමෙන්ම අක්කර 4 රූඩ් 2 පර්චස් 1.60ක ඉඩම් කොටස ක්‍රීඩා පිටියක් ලෙස පරිහරණය කිරීම සඳහා කොළඹ 10 අශෝක විද්‍යාලය වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)