24 May 2026

logo

අපි ට්‍රම්ප් එක්ක කතා කරේ නෑ - ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



මීට ටික වේලාවකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලාගාර වෙත ප්‍රහාර එල්ල කිරීම දින 5ක් දක්වා කල්දැමීමට සිය හමුදාවන්ට දැනුම්දුන් බව නිවේදනය කළා. 

ඒ මේ වන විට ඉරානය සමඟ සිදුවන සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නමුත් මීට ටික වෙලාවකට පෙර ඉරාන මාධ්‍ය වාර්තා කළේ ඉරානය ඍජුව හෝ වක්‍රාකාරයෙන් ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් සමඟ කිසිම සාකච්ඡාවක්  පවත්වා නැති බවත් මේ තීරණය සාකච්ඡා නිසා නොව ට්‍රම්ප් සිතාමතා පසුබැසගිය බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග පැවසූ බවයි.

ඉරාන මාධ්‍ය මෙසේ වාර්තා කළද ඉරාන රජය තවමත් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළා. 

 

(colombotimes.lk)