18 May 2026

logo

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම ගිගුරුම් වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)